(සිරිනිහාල් ගමගේ සහ රවී ලියනගේ)
රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සිසුන් 7දෙනකුට කොරෝනා ආසාදනය වී තිබියදී කිසිදු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගක් ගෙන නොමැති බැව් දන්වමින් එහි සේවකයෝ අද(8) එක්දින වැඩ වර්ජනයක් කළහ.
මෙම විරෝධතාවය පිළිබඳව අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාල වෘත්තිය සේවක සමිතියේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා මෙසේ කීවේය.
රුහුණු වෛද්‍ය පීඨයේ සිසුන් 07කට කොරෝනා ආසාදනය වී තිබියදී ඔවුන් ගැවසුන ස්ථාන කිසිදු විෂබීජ හරණයක් හෝ සැක සහිත පුද්ගලයින් පි සි ආර් පරීක්ෂණ වලට යොමු කිරීමක් කරලා නැහැ. අනධ්‍යන කාර්‍ය මණ්ඩලය අනාරක්ෂිත බවට පත් වීම නිසා මෙසේ සංකේත වැඩ වර්ජනයේ නිරත වෙනවා.
මෙම උද්ඝෝෂණය සදහා 150ක පමණ සේවක පිරිසක් සහභාගී වී සිටියහ.


