(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) හමුවිය.
දෙරට අතර පවතින ආර්ථික හා දේශපාලනික මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවේ අවධානය යොමු වූ බවත් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වෙත රුසියානු ජාතික සංචාරකයින්ගේ පැමිණීම ධනාත්මක අයුරින් බලපාන ආකාරය පිළිබඳ සාකච්ඡා කළ බවත් එම අමාත්‍යංශය කියයි.
මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා ද සහභාගී විය.