රුසියානු ආධාර තොගයක් කටුනායකට


(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ ආපදා තත්වයට ආධාර වශයෙන් රුසියානු සමූහාණ්ඩුව මෙට්‍රික් ටොන් 35 ක් බරැති ආධාර තොගයක්  රැගත් එරට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය .

එම ගුවන් යානය තුළ ජංගම විදුලි බලාගාරයක් ( Mobile Power Station ) එළවළු තෙල් , සීනි , සහල් සහ කූඩාරම් තොගයක් තිබුණි .

 එම භාණ්ඩ බාර ගැනීමේ  අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් ජගාරෙයාන් ( Levan Dzhagaryan ) , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර , සීමසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .