
රුසියා මුුහුදු සීමාමට ඇතුළු වූ බව කියන ඇමෙරිකා සබ්මැරීනයක් රුසියානු සබ්මැරීන් නාශක යුද නෞකාවක් එය ලුහුබැඳගොස් රුසියා මුහුදු සීමාවෙන් පළවා හැරි බව වි මොස්කව් නුවර ප‍්‍රකාශ කරයි.
මෙම ඇමෙරිකානු සබ්මැරීනය පෙබරවාරි 12 වෙනි දින කුරිල් දූපත් අසලදී ලුහුබැඳ ගොස් රුසියානු සීමාවෙන් පලවා හැර ඇතැයි පවසයි.
නමුත් ඇමෙරිකානු හමුදා මෙම ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරයි.ඇමෙරිකානු හමුදා නිලධාරියකු වන කපිතාන් කයිල් රේන්ස් පැවසුවේ ”අපි මේ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරනවා අපිට අපේ සබ්මැරීන් ස්ථානගත වී සිටින තැන් ප‍්‍රසිද්ධ කරන්න බෑ”යනුවෙනි
(විමුක්ති එස් රුද්‍රිගු සී.බී.එස් ඇසුරෙන්)

