රුසියානු - යුක්රේන දේශසීමාවේදී යුක්රේන සහ රුසියානු හමුදාව අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් යුක්රේන සොල්දාදුවන් පස් දෙනකු මිය ගොස් එක් රුසියානු සොල්දාදුවකු තුවාල ලබා ඇතැයි රුසියාව පවසයි.
මොස්කව් ප‍්‍රකාශ කළේ තම හමුදාවන් යුක්රේන හමුදාවේ සන්නද්ධ පිරිස් ප‍්‍රවාහනය කරන හමුදා වාහන දෙකක් ද විනාශ කළ බවයි.
රොස්තව් පළාතේ මිට්යාකින්ස්කායා ගම්මානය ආසන්නයේ අද 21 දින මොස්කව් වේලාවෙන් පෙරවරු 6 ට පමණ මෙම සිදු වීම සිදු වී ඇති බව රුසියානු බලධාරීන් පවසයි. මෙම ඔත්තු බැලීමේ කණඩායම සමග වෙඩි හුවමාරුව සිදුවන අවස්ථාවේ එම කණ්ඩායම බේරාගැනීම සඳහා යුක්රේන හමුදාවේ සන්නද්ධ පිරිස් ප‍්‍රවාහනය කරන හමුදා වාහන දෙකක් රුසියානු දේශ සීමා උල්ලංඝනය කරමින් රුසියානු භූමියට පැමිණ ඇති අතර යුද ටැංකි නාශක අවි භාවිතා කරමින් රුසියානු හමුදා එම වාහන දෙක විනාශ කර ඇත.
රෝස්තව් පළාත අසල යුක්රේන හමුදා නොමැති බවත්,මෙය අසත්‍ය පුවතක් බවත් යුක්රේනය පවසයි.බටහිර රටවල් පැවසුවේ රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීම සඳහා සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීම සඳහා සිදු කළ අසත්‍ය ප‍්‍රචාරයක් බවයි.
(විමුක්ති එස් රුද්‍රිගු රුසියානු පුවත් සේවා ඇසුරෙන්)

