
(යොහාන් භාසුර)
ප්‍රතිනැව්ගත කිරීම සඳහා පැනමාවේ සිට මෙරටට ගෙනවිත් තිබූ රුපියල් කෝටි 600 ක කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350 ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අද (23) අත්අඩංගුවට ගනුලැබූ බව රේගු දෙපාර්තමේන්තුව පැවසීය.
මෙම කොකේන් තොගය අබිලි යකඩ ලෙස ආනයනය කළ කන්ටේනරයක තිබී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
ඉන්දියාවට ප්‍රතිනැව්ගත කිරීම සඳහා එවා තිබූ අබිලි යකඩ කන්ටේනර් හතරක් පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ඇතිවූ සැකය මත පරීක්‍ෂා කළ බවත් එහිදී එක් කන්ටේනරයක මළු 10 ක මෙම කොකේන් තොගය සූක්‍ෂම ලෙස සඟවා තිබූ බවත් රේගුව පැවසීය.
එම කොකේන් සහිත කන්ටේනරය පැනමාවේ සිට බෙල්ජියම සහ ඩුබායි හරහා ශ්‍රී ලංකාවට ළගා වී ඇති බව කියන රේගුව ජාවාරම්කරුවන් රේගුව නොමඟ යැවීමට දැඩි උත්සහයක නිතර වී ඇති බව ද සඳහන් කළේය.
මෙම කොකේන් තොගය වැඩි දුරට පරීක්‍ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට බාරදීමට නියමිතය.
(ශාන්ත රත්නායක)





