
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 230ක අගයක් දක්වා අද (08) පහළ වැටිණි.
ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙතරම් අගයට පහළ වැටුණු මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (8) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 225.20 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 229.99ක් විය.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 4 වැනිදා දක්වා කාලයේ දී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 0.6කින් අවප්‍රමාණය වී ඇත.
එම වාර්තාවට ම අනුව ජනවාරි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.36 කි.
එයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.078 විදේශ විනිමය සංචිත වන අතර එයින් රත්තරං සංචිත ය ඇමෙරිකානු ඩොලර් බිලියන 0.092 (ඇමෙරිකානු ඩොලර් මිලියන 92.0) වේ.
(055)

