රුපියල ගණන් උස්සයි


(යොහාන් භාසුර සහ විමුක්ති එස් රුද්‍රිගු)

ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී තිබුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු රැසක් එම බැංකුවල ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් ලෙස එම බැංකුවල වෙබ් අඩවිවල අද ප්‍රසිද්ධ කර තිබුණි.

ඇමරිකානු ඩොලරයේ අද (13) දිනයේ විකුණුම් මිල රුපියල් 364.98 ක් බවත් ගැණුම් මිල රුපියල් 355.01 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (12) රුපියල් 380 ක්ව පැවතුණි.