(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
රට තුළ විශාල ව්‍යසනයක් බවට පත්ව ඇති රිළා උවදුර තුරන් කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්දි කරනය කිරීමේ නියමු ව්‍යාපෘතිය මාතලේ ඉහළ හරස්කම ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණි.
මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය රුපියල් මිලියන 4.5 ක මුදලක් වැය කරනු ලබන අතර මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය .
මාතලේ දිස්ත්‍රික්කය තුළින් උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිලවුන් (ගැහැණු /පිරිමි) ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් වන්දි කරන සිදුකර නැවත අල්ලා ගත් ප්‍රදේශයට රිලවුන් ගෙනවිත් දැමීමට නියමිතය.