
(නිමන්ති රණසිංහ)
රියැදුරු බලපත්‍ර මුද්‍රණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වසරක කාලයකදී රුපියල් කෝටි 16කට අධික මුදලක් රජයට ඉතිරි කර දී ඇතැයි යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා යුද හමුදාව ඉක-ුත් ජනවාරි මස 01 වැනිදා සිට රියැදුරු බලපත්‍ර පන්ලක්ෂ තිස්තුන්දහස් දෙසීයක ප්‍රමාණයක් මුද්‍රණය කර ඇතැයි ද ඔහු සදහන් කළේය.
යුදහමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා එසේ පැවසූවේ, “ගත වූ දෙවසර තුළ ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාකාරීත්වය” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (15) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම යුද හමුදාව විසින් භාරගනු ලැබ තිබුණේ ඉකුත් ජනවාරි මස 01 වැනිදා සිට වන අතර මෙම කාලය තුළදී මුද්‍රණය කළ බලපත්‍ර වෙනුවෙන් රුපියල් දහසය කෝටි විසි ලක්ෂයක මුදලක් රජයට ඉතිරි කර බව ද හෙතෙම පැවසීය.
කාලයක් තිස්සේ මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් පෞද්ගලික අංශයට ලබාදෙමින් සිදුකළ මෙම කර්තව්‍ය යුද හමුදාව භාරයට ගැනීමෙන් පසු මෙම මුදල රජයට ඉදිරි වී ඇතැයි ද යුද හමුදාව පවසයි.

