
(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන්ගේ හිඟය හේතුවෙන් දුර ගමන් සේවා දුම්රිය ඇතුළු දුම්රිය රැසක් ධාවනය කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවත් වයස 60 ට වැඩි විශ්‍රාමික රියදුරන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇතත් මේ දක්වා සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
වයස 60 ඉක්මවූ දුම්රිය රියදුරන් 20 කට අධික සංඛ්‍යාවක් විශ්‍රාම ගැන්වීම මෙම තත්වයට ප්‍රධාන හේතුව බවත් ඒ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියේ අවධානය වාහාම යොමුවිය යුතු බවත් එම නිලධාරියා කීය.
අනුරාධපුර, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකළපුව සහ බදුල්ල ආදි දුරගමන් සේවා දුම්රිය, භාණ්ඩ සහ ඉන්ධන ප්‍රවහන දුම්රිය මෙන්ම ත්‍රිකුණාමලයට තිරිඟු පිටි ප්‍රවාහන කරන දුම්රිය ද අවලංගු කිරීමට සිදුව ඇති බව කී එම නිලධාරියා ඉදිරියේදී තවත් දුම්රිය අවලංගු කිරීමට සිදුවනු ඇති බව ද සඳහන් කළේය.

