සී.සී.ටී.වී දර්ශණ (ප්‍රියන්ත ජයලත්)
( දිල්රුක්ෂි ග්‍රේරු )
නුගේගොඩ ගුවන් පාලමේදී බස් රියක් සහ යුද හමුදා කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් හමුදා සෙබළෙකු මියගොස් තවත් සෙබළුන් දෙදනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
කැබ් රියේ රියදුරු ලෙස කටයුතු කළ යුද හමුදා සෙබළා මෙසේ මිය ගොස් ඇති බව හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලැබූ දෙදෙනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ.
අද (20) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර බස් රියක් අනාරක්ෂිත ලෙස තවත් බසයක් පසු කර යෑමට ගත් උත්සාහයකදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි හමුදා කැබ් රිය බසයේ ගැටී මෙම අනතුර සිදු වී තිබේ.
(ඡායාරූප -බිමල් ශ්‍යාමන් ජයසිංහ )