(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දි හබරාදුව ඉන්ධන පිරවුම්හල අසලදි ට්‍රිපර් රථයක යතුරුපැදියක් ගැටිමෙන් වු අනතුරකින් 30 හැවිරිදි දියණිය මියගොස් ඇති අතර පියා තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.
අද (21) පෙරවරුවේ දි මෙම අනතුරවි ඇත. මියගිය තැනැත්තිය තම පියා සමග යතුරුපැදියෙන් හබරාදුව ප්‍රදේශයේ සිට අහංගම දෙසට ගමන් කරමින් සිට ඇත.
ට්‍රිපර් රථයද හබරාදුවේ සිට අහංගම දෙසට ධාවනය වි ඇති අතර එම අවස්ථාවේ යතුරුපැදිය ට්‍රිපර් රථයේ ගැටි ඇති බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාව අහංගම තැපල් කාර්යාලයේ සේවය කරණ සේවිකාවකි. ඇය විවාහක කාන්තාවක් වන අතර ඇය තම පියා සමග යතුරුපැදියෙන් සේවා ස්ථානයට යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත.
අනතුරට අදාල ට්‍රිපර් රථයේ රියදුරු හබරාදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.