(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර,යාපනය ඒ9 මාර්ගයේ රඹෑව ගංගාරාම විහාරස්ථානය ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝදයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටි සිදුවු අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් ත්‍රී රෝද රථ රියදුරා බරපතල තුවාල ලබා අද (05)දින රෝහල් ගතකළ බව මිහින්තලය පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මිහින්තලේ පාර ,රඹෑවේ පදිංචි ඉලංගසිරි විදානේලාගේ නිමල් සුභසිංහ(75) නැමති යතුරුපැදිකරු බව හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලබා ඇත්තේ ඉකිරිගොල්ලෑව,වහමල්ගොල්ලෑව පදිංචි 54 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකි. මියගිය අය යතුරු පැදියෙන් රඹෑව නගරයේ සිට මැදවච්චිය දෙසට යමින් සිටියදි ඒ දෙසින්ම පිටුපසින් වේගයෙන් පැමිණි පුද්ගලික බස් රථය යතුරු පැදිකරුද යට කරගෙන දකුණු පස මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට පිවිසි ත්‍රී රෝදයේද ගැටි ඇති බව පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ මඩාටුගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි බස්රථ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.