(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී අද (2) සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් පිරිත් පින්කමකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළු තිදෙනකු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හල්දුම්මුල්ල පොලීසිය කියයි.
කොළඹ සිට හපුතලේ දෙසට සිමෙන්ති පටවාගෙන පැමිණි ලොරියක ත්‍රි රෝද රථය ගැටී මෙම අනතුර සිදුවී ඇත.
ත්‍රිරෝද රථය පෙරළීවිත් ලොරියේ වැදී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රෝද රථයේ ගමන්ගත් හාල්අටුතැන්න ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති කළුපහන සීලානන්ද සහ වෙහෙරගොඩ විහාරස්ථානයේ පඤ්ඤාවංස යන හිමිවරුන් දෙදෙනාය. රියැදුරු ද තුවාල ලබා තිබේ.
ලොරි රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
හල්දුම්මුල්ල පොලිසිය පරීක්ෂණ පැවැත්වේ.



