රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට


(ජයරත්න වික්‍රමාරච්චි)

පුත්තලම- අනුරාධපුර මාර්ගයේ සාලියවැව පළුගස්සේගම ප්‍රදේශයේදී  අද (12) කැබ්රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටිමෙන් සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු ජීවිතක්ෂයට පත්වී ඇතැයි සාලියවැව පොලීසිය කියයි.

පුත්තලම තම්බපණ්ණිය ප්‍රදේශයේ පදිංචි එම් යූ.මොහොම්මදු සර්ජූන් (38) නමැති පුද්ගලයෙකු (ත්‍රිරෝද රථයේ රියැදුරු) මෙසේ මියගොස් ඇති බවද පොලීසිය පවසයි.

මෙම අනතුරට සම්බන්ධ ත්‍රිරෝද රථය පුත්ත්ලම සිට රාජාංගනය ප්‍රදේශයට කුලී ගමණක් ගොස් ආපසු පුත්තලමට එමින් තිබූ එකක් බවත්, කැබ් රථය පුත්තලම ප්‍රදේශයේ සිට දඹුල්ල ප්‍රදේශයට දුම්කොල තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ එක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය කියයි.