(නිහාල් ජයවීර )
පාදෙණිය - අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ , උඩන්ගාව ප්‍රදේශයේ දී අද(21) සිදු වු රිය අනතුරකින් තිස් හතර හැවිරිදි විවාකයකු මියගොස් ඇතැයි අඹන්පොළ පොලිසිය කියයි .
කුලියාපිටිය , වැවගම , වැව්ගම්වත්ත පදිංචිව සිටි එම් .එම් .චානක උදයසිරි මාපා නමැති අය මෙසේ මරණයට පත්ව ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි .ඔහු දෙ දරු පියෙකි.
මේ එක් දරු පියා බියගම ආයෝජන කලාපයේ ඇඟලුම් කම්හලක සේවය කළ අයෙකු බවත් , ඔහු අනුරාධපුරය ,තලාව ප්‍රදේශයෙන් විවාහ වී සිටින අයෙකු බවත් පොලිසිය කියයි .දරුවන් හා බිරිඳ මේ දිනවල බිරියගේ තලාව මහගෙදර සිටින නිසා ඹහු ද සතියේ සිකුරාදා හවස එහි පැමිණෙන බව පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි .නැවත ඹහු සඳුදා අලුයම සේවා ස්ථානය බලා පිටත්ව යන බවත් අනාවරණය වු බව පොලිසිය කියයි .
තලාව ප්‍රදේශයේ සිට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී උඩන්ගාව ප්‍රදේශයේ දී මාර්ගය හරහා පැන්න සුනඛයෙකුගේ යතුරු පැදිය ගැටි ඔහු බිම වැටි ඇති බවත් , ඒත් සමගම විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ඔහු ගැටි ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය කියයි .