
(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවකුට සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් දෙදෙනකුට දුරකථන පහසුකම ලබාදීම වෙනුවෙන් බන්ධනාගාර අධිකාරීවරයාට අල්ලස් ලබාදීමට අතරමැදියකු ලෙස කටයුතු කළ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විශේෂ විමර්ශනයකින් පසු මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ වසර 7 ක සේවා කාලයක් හිමි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවය නියුතුව සිටි ජේලර්වරයකු වන බව ද ඔහු පැවසීය.
වැඩ තහනමට ලක්වූ මෙම ජේලර්වරයා අදාළ දුරකථන පහසුකම වෙනුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරීවරයා වෙත රුපියල් ලක්ෂ 5ක් ඉල්ලා ලබාදීමට හැකි බව පවසා කටයුතු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

