(සනත් ගමගේ)
අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලබා සිටින සිංහ පැටවු හය දෙනා සඳහා නම් තැබිමට මහජනතාවට අවස්ථාව උදා කර ඇත.
රිදියගම සෆාරි උද්‍යානයේ සිටින ලාරා සිංහ මවට හා ඩෝරා සිංහ දුවට දාව උපන් සිංහ පැටවු හය දෙනාට මේ වන විට මාස තුනක් පමන ගත වි ඇති හෙයින් ඉදිරි මාසයේ මහජන ප්‍රදර්ශනයට යොමුකරන බැවින් නම් තැබිමට මහජනතාවටද අවස්ථාවක් සලසා ඇති බව අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අධ්‍යක්ෂ වරයා මහජනාවට දැනුම් දි ඇත.
ඩෝරා සිංහ මවට ගැහැණු පැටවු තිදෙනෙක් හා ලාරා සිංහ මවට ගැහැණු පැටවු දෙදෙනෙක් හා පිරිමි එක් පැටවෙක් උපත ලබා ඇත. පිරිමි පැටවු එක් පැටවෙකුට හා ගැහැණු පැටවු පස් දෙනෙකුට නම් තැබිමට නියමිතව ඇත.
ඒ අනුව තැපැල් පතක සිංහ පැටවු සඳහා යෝජනා කරන නම පැහැදිලිව සටහන් කර දුරකතන අංකය සහිතව අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයට යොමු කරන ලෙසට අධ්‍යක්ෂ වරයා ඉල්ලා සිටී.