රිජ්වේ රෝහලේ ඉනිසියුලින් ඕන තරම්


(රංජන් කස්තුරි)

කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.

මේ වන විට ළමා රෝහලේ නේවාසික දරුවන්ට සහ සායනවලට පැමිණෙන දරුවන්ට අවශ්‍ය තරම් ඉන්සියුලින් තිබෙන බව ද දිවයිනේ කුමන හෝ රෝහළකට ඉන්සියුලින්අවශ්‍ය නම් ළමා රෝහලෙන් ඒවා සැපයිය හැකි බව ද අධ්‍යක්ෂවරයා කියයි.