රිජ්වේ රෝහල ගැන බොරු තොරතුරු පැතිරවීමේ සිද්ධිය ගැන පරීක්ෂණ


(ඉන්දිකා රාමනායක)

කොළඹ  රිජ්වේ  ආර්යා ළමා  රෝහලේ  කොරෝනා  වයිරසය  ආසාදිත  රෝගීන් ප‍්‍රතිකාර ලබන බවට  අන්තර්ජාලයේ හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ   ප‍්‍රචාරය වු    අසත්‍ය ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන්   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව  නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ මහතා පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂයවරයා  විසින්  මේ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාලව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව  අජිත් රෝහණ මහතා පවසයි.

මේ හේතුවෙන්    එම රෝහලේ ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ  අඩුවක් දක්නට  ලැබෙන බවට රෝහල් අධ්‍යක්ෂවරයා දන්වා සිටි බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කිසිදු කොරෝනා  ආසාදිත රෝගියකු  ප‍්‍රතිකාර නොගන්නා  බවත් සමාන්‍ය රෝගීන්ට කිසිදු බියක් පැකිලීමක් නොමැතිව  වෙනදා මෙන් පැමිණෙන ලෙසට  රෝහල් අධ්‍යක්වරයා දැනුම් දුන් බව  අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.