රැඳවියන් 444කට ජනපති සමාව


බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් 444දෙනෙකු ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පිරිස අතර කාන්තා රැඳවියෝ 18ක් ද වෙති. මොවුහු සුළු වැරදි මත බන්ධනාගාර ගත කරනු ලැබුවෝය.

බන්ධනාගාරවල පවතින තදබදය අවමකරගැනීම සඳහා මෙම පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.