රැකියා අහිමි අහිමිවූ පෙහෙකම්හල් සේවක දීමනාව වැඩි කරයි


 

(අංජුල මහික වීරරත්න)

පේෂකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබී 1980-1982 කාලයේදී පෞද්ගලීකරණය කරන ලද බලවේග ව්‍යාපාර වල සේවක සේවිකාවන් සඳහා ගෙවනු ලබන මාසික දීමනාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පේෂකර්ම දෙපාර්තමේන්තුව යටතේ පැවති බලවේග පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම මත රැකියාව අහිමි වූ සහ වසර 10 ක සේවා කාලයක් සම්පුර්ණ නොවීම හේතුවෙන් විශ්‍රාම වැටුපකට හිමිකම් ලබා ගැනීමට නොහැකි වූ සේවකයන් වෙත දැනට ගෙවනු ලබන මාසික දීමනාව, පවතින ජීවන වියදම සමඟ සැලකීමේදී ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන තිබේ.

 2025-04-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම සේවකයින් වෙත අස්වැසුම වැඩසටහන යටතේ වන ප්‍රතිලාභ සලසා දීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා ඇති නමුත්, පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ සෘජුවම ඔවුන්ට එවැනි සහනයක් ලබා දීමට හැකියාවක් නොමැති බව පෙනී ගොස් ඇත.

එබැවින්, එම සේවකයින් සඳහා සහනයක් වශයෙන් ඔවුන් අතරින් දැනට රුපියල් 5 90 කට වඩා අඩු මාසික දීමනාවක් ලබන සේවකයින්ගේ මාසික දීමනාව 2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5,000 ක් වශයෙන් සංශෝධනය කර ගෙවීම් කිරීම පිණිස ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා  විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ අනුව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.