රාමේෂ්වරම් ධීවරයෝ විරෝධයක


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇති ඉන්දියාවේ රාමේෂ්වරම් හි ධීවරයන් 8 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා රාමේශ්වරම් ධීවරයන් ඊයේ(16) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

රාමේශ්වරම් ධීවරයන් නැවත  ශ්‍රී ලංකා හමුදාව  අත් අඩංගුවට ගනු ලැබීම හෙළා දකිමින් මෙම වර්ජනය සිදුකර තිබේ. ශ්‍රී ලංකා බලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති ධීවරයන් සහ බෝට්ටු නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ගයක් ගත යුතු යැයි රාමේශ්වරම් ධීවරයන් පෙන්වා දී ඇත.

මෙම වසරේ මේ දක්වා ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 17 ක් සහ ධීවරයන් 110 දෙනෙකු ශ්‍රී ලංකා බලධාරීන් අත් අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. අත් අඩංගුවට ගනු ලබන ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාව විසින් කොන්දේසි ඇප මත නිදහස් කරනු ලැබූවත් ධීවර යාත්‍රා අයිතිකරුවන්ට බාර නොදෙන බව එරට මාධ්‍ය පෙන්වා දී ඇත.