රාත්‍රි සමාජ ශාලාවක වෙඩිතැබීමක්


(  ලාල් එස් කුමාර )

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී  අද(18)  වෙඩි තැබීමක් සිදුවී ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පව සයි.        

  එම සමාජ ශාලාවට පැමිණි පුද්ගලයකු   අද අලුයම මෙම වෙඩි තැබීම සිදුකර ඇත .

 ඔහු බීමතින් සිටි බව පැවසේ . වෙඩි කීපයක් තබා ඇති අතර  ඉන් සමාජ ශාලාවට හෝ කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව  පොලිසිය පවසයි .

වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු මෝටර් රථ යකින් පලා ගොස් ඇතැයි පැවසේ . සිද්ධිය පිළිබඳ කිරිබත්ගල පොලිසිය විමර්ශන සිදුකරයි