(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නායකත්වයෙන් යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ඊට අනුබුද්ධ ආයතනවල සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ, උප ලේකම් නවින්ද සොයියා, රුවන් පතිරණ යන මහත්වරුන්ගෙන් සමන්විත වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් අද පෙරවරු 11.30 ට පමණ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
2015 වසරේ සිට ගත වූ වසර හතරක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ ඹෟෂධ නීතිගත සංස්ථාව සහ ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය තුළ සිදු වූ බව කියන බරපතළ ලෙස සැක උපදවන කරුණු රැසක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබුණි.

