රාජ්‍ය සේවයේ අවම කාර්ය මණ්ඩලයක් පමණයි


මේ වන විට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන ඇදිරීනිතිය හෙට (9) දින ඉවත් කළද  රාජ්‍ය සේවයේ  අතවශ්‍ය,අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවයට කැඳවිය යුතු යැයි  රාජ්‍ය සේවා ,පළාත් හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

සෞඛ්‍යාරක්ෂිත තත්වය සළකා බලා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව  ආයතන ප්‍රධානීන් විසින් කාර්යාලයට ගෙන්වනු ලබන  අවම කාර්ය මණ්ඩලය තීරණය කළ යුතු අතර  සෙසු කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක පරිදි නිවසේ සිට සේවය කිරීම සිදු කළ යුතු බවද එහි වැඩිදුරටත් සදහන්ය.
 
 එම නිවේදනය පහත දැක්වෙයි.