රාජ්‍ය සේවකයන්ගෙන් නව වසරට ප්‍රතිඥාවක්


(සුජිත් හේවාජුලිගේ )

සියළු රජයේ ආයතනවල නව වසරට වැඩ ආරම්භ කිරීමේ උත්සව  ලබන ජනවාරි 3 වැනිදා පැවැත්වෙන බව  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා පැවසීය.

නැවුම් බලාපොරොත්තු සහිතව  සුවිශේෂී ජවයකින් වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා පදනමක් සැකසීම  මෙම වැඩසටහනේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.

සියලු රජයේ සේවකයන්  සිය රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ප්‍රතිඥාවක් ලබා දීමද මෙදින සිදු කෙරෙනු ඇත.