
(සුජිත් හේවාජුලිගේ)
සෑම අමාත්‍යාංශයකට ම ස්වකීය අමාත්‍යංශයේ කාර්යය හා කර්තව්‍යයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට උපදේශකවරයෙකු  හෝ කණ්ඩායමක් පත් කර ගත හැකි බවත්  ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ විෂය පථය සම්බන්ධයෙන් උපදෙස් දීමට  ප්‍රාමාණික උගතුන්, පර්යේෂකයින් හා වෘත්තීයවේදීන් හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඇතුළත් 10 දෙනෙකුගෙන් යුතු ස්වේච්ඡා උපදේශක සභාව පත් කරගත් බවත්  රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ජනතාව වෙනුවෙන් වැඩකිරීමේදී අතිශයින්ම තීරණාත්මක අවස්ථාවක හොඳම තීරණය ගැනීම සඳහා  අනාගත දැක්මක් අවශ්‍ය බවත් යමක් කරන කොට අපි ඒකෙ සිද්ධ වෙන්න පුළුවන් හොඳ නරක කිරා මැනලා බලලා තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාවක් තිබෙන බවත්  අබයරත්න මහතා කීය
ඔහු  මේ බව පැවසූවේ  රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාවේ සාමාජිකයින් සඳහා සංකේතාත්මක පත්වීම් ප්‍රදානය කිරීම අවස්ථාවේදී ය.
අමාත්‍යාංශයේදී මෙම උත්සවය පැවැත්විණ.

																	
																	
																	
																	
																	
																	