(සුජිත් හේවාජුලිගේ )
කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී.
1990 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ අශෝක මහතා මෙරට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.
ඔහු කාලයක් කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

