(තිළිණි ද සිල්වා)
ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත ප්‍රජාවටද සේවාව ලබා ගැනීමට හැකි ආකාරයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ (1919) සේවාවන් පුළුල් කර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සදහන් කරයි.
මේ අනුව එවැනි පුද්ගලයකුට වට්ස්ඇප් හෝ වයිබර් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය හා සම්බන්ධ විය හැකි අතර ඔහු හෝ ඇය විමසන තොරතුරු, සංඥා භාෂා පරිවර්තකයෙකු විසින් ලබා දෙන බව එම නියෝජිතායතනය පවසයි.
සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම 0702621919 සහ 0702521919 යන දුරකථන අංකවලින් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අමතා මෙම සේවය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බවද, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
මෙම සේවාව යටතේ ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත පුද්ගලයකු කාර්යාලයකට, රෝහලකට, පොලීසියකට වැනි ස්ථානයකට යම් සේවාවක් ලබා ගැනීමට යෑමේදී අදාළ අංශ සමග තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සංඥා භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබා ගත හැකි බවද එම නියෝජිතායතනය පවසයි.
සතියේ සෑම දිනකම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාව මහජනතාවට ලබා ගැනීමට හැකියාව ඇත.

