රාජ්‍ය ආයතන රැසක් හිතේ හැටියට මඩිය තර කරගෙන


(දයාසීලි ලියනගේ)

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වර්ෂ 2020දී 60% කින් වැටුප් වැඩි කර තිබීම පිළිබඳව සහ  රජයේ විවිධ ආයතන වල නීත්‍යානුකූල නොවන ආකාරයට අතිකාල ගෙවීම පිළිබඳව වහාම විමර්ශනයක් කරන ලෙස ආර්ථික උපදේශකවරු මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.

විදුලි බල මන්ඩලය අනීතික ලෙස වැටුප් වැඩි කර ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් රජයේ අනුමැතියක් ලබා ගෙන නොමැති බවද සදහන් වේ. මෙම වැටුප් වැඩිවීම නීතියට පටහැනිව සිදුකර ඇති බවද පෙන්වා දී ඇත.

මීට අමතරව සෞඛ්‍ය සේවයේ බහුතරයක් දෙනා සඳහා කෑම පැයෙදි පවා අතිකාල ගෙවා ඇති බව විගණන සමීක්ෂණ වලින් පෙන්වාදී ඇති නිසා මේ සම්බන්ධයෙන් වහාම සොයා බැලීමක් අවශ්‍ය බවද ඔවුන් පෙන්වා දී ඇත.

රජය බරපතළ ලෙස ආර්ථික අසීරුතාවයකට පත්ව සිටින අවස්ථාවේ අනීතික ගෙවීම් පිළිබඳව දැනට වඩා විමසිලිමත් විය යුතු බව ආර්ථික උපදේශකවරු පෙන්වා දී ඇත.