
(දයාසීලි ලියනගේ)
රාජ්‍ය ආයතන 527න් පහක් සඳහා රජයෙන් දෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නැයි රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය රජයට යෝජනා කර ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා මෙලෙස යෝජනා කර ඇත.
රාජ්‍ය ආයතන 527න් 77ක් 2006 සිට 2020 දක්වා ලබා ඇති මුළු පාඩුව රුපියල් ත්‍රිලියන 1.2ක් වශයෙන් සදහන් කරයි.
තවත් ආයතන 55ක් එම කාලය තුළ ඇති ආදායම රුපියල් ත්‍රිලියන 1.27ක් බව ද එම මණ්ඩලය පෙන්වා දී ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබා ඇති මුළු අලාභය රුපියල් කෝටි 33000ක් වන අතර භාණ්ඩාගාරයේ ඇප මත ලබා ඇති ණය ප්‍රමාණය රුපියල් මිලියන 43530ක් බව ද සඳහන් කර ඇත.

