
(අංජුල මහික වීරරත්න)
ඉදිරි වසර 10 ඇතුලත අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කර දැනුමින් සන්නද්ධ හැකියාවෙන් පෝෂිත තරුණ පරපුරක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අධ්‍යාපනය නවීකරණය සඳහා කැබිනට් කමිටුවක් මේ වන විටත් පත් කර ඇති බව කී ජනාධිපතිවරයා කඩිනමින් නව ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
පසුගිය වසර 10 දී ඇතැම් රාජ්‍ය ආයතන සඳහා වියදම් කළ මුදල් අධ්‍යාපනය සඳහා වැය කළා නම් ආසියාවේ හොඳම අධ්‍යාපනය ශ්‍රී ලංකාව සතු බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ "Sri Lanka skills Expo 2023" ශ්‍රී ලංකාවේ ප්‍රථම නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (12) එක්වෙමිනි.
“ජීවිතයට හැකියාවක් - හැකියාවට රැකියාවක්” තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී මැයි 12,13 සහ 14 දිනවල පෙ.ව 9.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එය සියලුදෙනාට නොමිලයේ නැරඹිය හැකිය.


