රාජ්‍ය ආයතන ගැන සොයන විශේෂ කාරක සභාවට සාමාජිකයෝ පත් කැරෙති


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අමාත්‍යාංශයන්හි විෂය පථයන්ට නොගැනෙන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහාවූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා සමාජික මන්ත්‍රීවරු පස් දෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ සිටිති.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි , පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් යන අය වෙති.

කතානායකවරයා මෙම සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය පාර්ලිමේන්තුවට අද (7) ඉදිරිපත් කළේය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරි සතියේදී රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

විශේෂ කාරක සභාව පත්කරනු ලැබ ඇත්තේ අගමැතිවරයාගේ යෝජනාවක් අනුවය.