(නිමන්ති රණසිංහ)
රාජගිරිය පාර්ලිමේන්තු පාරේදී මාරක රිය අනතුරක් සිදුකර රථවාහන රාජකාරියේ යෙදී සිටි කොළඹ හදීසි ඇමතුම් අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් පුද්ගලයකු මරුමුවට පත් කළැයි වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් වෑන් රථ රියැදුරා ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ එම අනතුර සිදුකළ අදාළ වෑන් රථයේ රියැදුරු වන මාදිවෙල තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි ටී. නිශාන්ත නැමැත්තා නමැත්තාය.
වැලිකඩ පොලිස් වසමේ පාර්ලිමේන්තු පාරේ ආයුර්වේද වටරවුමත් ගුවන් පාලමත් අතර ප්‍රදේශයේදී අද (23) අලුයම 4.30ට පමණ සිදුවූ මෙම රිය අනතුරින් මියගොස් ඇත්තේ පොලිස් හදීසි ඇමතුම් ඒකකයේ උප පොලිස් පරික්ෂකවරයකු වූ පනස් හය හැවිරිදි රංජිත් ප්‍රියංකර මහතා සහ නිලධාරීන් පරීක්ෂා කරමින් සිටි ලොරි රථයේ රිය සහායකයා වූ මත්තේගොඩ පදිංචි තිස් හය හැවිරිදි නුවන් බුද්ධික යන අයවලුන්ය.

