(කීර්ති ප්‍රනාන්දු )
ඉන්ධන නොමැති වීමෙන් රාජකාරි වාර්තා කිරීමට පොලිසිය ස්ථාන වෙත යාමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයකට පත් වී ඇතැයි බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීහු පවසති.
පොලිස් නිලධාරීන් මෙන්ම නිලධාරිනියන් ද විශාල පිරිසක් දිනපතා සිය නිවෙස්වල සිට යතුරුපැදි සහ මෝටර් රථ මගින් නියමිත පොලිස් ස්ථාන වලට සේවයට යාම සිදු කරන බවත් තම වාහන වලට ඉන්ධන නොලැබීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වයට මුහුණ දීමට සිදු වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ වන විට දිවයින පුරා අත්ය වශ්යා සේවා සඳහා ඉන්ධන ලබාදීමට පිරවුම්හල් වෙන්කර තිබුණ ද එම බොහෝ පිරවුම්හල් වලින් ඉන්ධන පොලිස් නිලධාරීන්ගේ යතුරු පැදි සහ මෝටර් රථ සඳහා ලබා නොදෙන බවද එම නිලධාරීහු කියති.
මෙම තත්වය තුළ තමන් හට දිවා කාලයේ මෙන්ම රාත්රීර කාලයේ රාජකාරි වාර්තා කිරීම සහ රාත්රීධ රාජකාරි අවසන් කර ආපසු නිවෙස් බලා යාමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත් වී සිටින බව ද එම පොලිස් නිලධාරීහු මෙන්ම නිලධාරිනියන් ද කියා සිටිති.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබන්නේ මෙම ගැටළුකාරී තත්වය හේතුවෙන් ඇතැම් පොලිස් නිලධාරීන් මෙන්ම නිලධාරිනියන් ද රාජකාරි අවසන් කර ආපසු නිවෙස් වලට යාමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම හේතුවෙන් පොලිස් ස්ථාන තුළ සහ එම පොලිස් නිලධාරීන්ගේ හිතවතුන්ගේ සහ ඥාතීන්ගේ නිවෙස්වල රාත්‍රී නවාතැන් ගැනීමට සිදුවීම හේතුවෙන් තම පවුල්වල දරුවන්ගේ සහ ගේ දොර වැඩ කටයුතුවලට ද දැඩි ලෙස බාධා එල්ල වී ඇති බවයි.

