(තිස්ස කොටින්කඩුව)
රාගම වල්පොල ප්‍රදේශයේ නිවෙසකට ඊයේ දින (14) රාත්‍රියේ 8.40 පමණ එල්ල වූ වෙඩි ප්‍රහාරයට ලක් වූ තිදෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල ලබ රෝහල් ප්‍රකාශකයෙක් කීය.
යතුරුපැදියකින් ආ දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මාලු ව්‍යාපාරිකයකු, ඔහුගේ මව සහ අවස්තාවේ එම නිවෙසට පැමිනි සිටි අසල් වාසි නිවෙසක 17 හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා රෝහල් ගත කළේය.
වෙඩි ප්‍රහාරයට ලක් වූ මාළු ව්‍යාපාරිකයාගේ තත්ත්වය බරපතල බව රාගම ශීක්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මාළු ව්‍යාපාරිකයා හා පැවැති කෝන්තරයක් මත සිදුවු පාතලය ද සම්බන්ධ සිද්ධියක් බවට පොලිසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් කිසිම සැකකරුවෙකු අත්අඩංගුට ගෙන නැත. රාගම පොලිසියේ ස්ථානාධිපති බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නිලධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පවත් වයි.

