රහස් පොලිසියේ බව අඟවා විහාරයකින් පිළිමයක් සොරාගෙන


(කේ. ඩී. දේවප්‍රිය සහ එම්.කේ.නන්දසේන)

රහස් පොලිසියේ පිරිසක් බව අඟවා කතරගම ශ්‍රී මල්ලීකාරාම විහාරස්ථානයට කඩාවැදුණු පිරිසක් අද (17)  විහාරස්ථානයේ තිබූ රන් ආලේපිත, කිලෝ 07 ක් පමණ බරැති බුදු පිළිමයක් සොරාගෙන පලාගොස් තිබේ.

එම පිරිස බුදු පිළිමය පොලිසියට රැගෙන යෑමට අවශ්‍ය බව පවසා විහාරස්ථානයේ බුදු මැදුරට ඇතුළු වී මෙම ස්ථානයේ තිබු රන් ආලේපිත බුදු පිළිමය රැගෙන පළාගොස් ඇතැයි විහාරාධිපති හබරාදුවේ ඤානමෝලි හිමියෝ පැවසූහ.

මේ සම්බන්දව අදහස් දැක් වු කතරගම මල්ලිකාරාමාධිපති ආචාර්ය හබරාදුවේ ඤානමෝලි හිමියෝ වැඩිදුරටත් පැවසුහ.

අද උදේ පන්සලට තුන්දෙනෙකු පමණ පිරිසක් සුදු පැහැති කාර් රථයකින් පැමිණියා.අපි සී. අයි. ඩී. අපිට විහාරස්ථානයට ඇතුල් වීම අවශ්‍යයි කියලා. පසුව මම විහාරස්ථානයේ දොර විවෘත කළා. ඉන් පසුව මෙම පිරිස විහාරස්ථානයට ඇතුල් වී වසර ගණනාවක් පුරා විහාරස්ථානයේ  වැදුම් පිදුම් සිදුකළ රන්  ආලේපිත බුදු පිළිම වහන්සේ උස්සලා ගත්තා. ඒ අය කිව්වා මට යමු පොලිසියට කියලා. මම ඔවුන්ගෙන් හැදුනුම්පත් ඉල්ලුවා දුන්නේ නැහැ.

පසුව බුදු පිළිමය කාර් එකට පටවා ගෙන එළියට ගියා. මමත් වතුර වීදුරුවක් පානය කරන්න විහාරස්ථානයට ගියා. ඒ සැණින් වාහනට නැටී මෙම පිරිස වේගයෙන් ගියා'' යනුවෙන් විහාරාධිපති හබරාදුවේ ඤානමෝලි හිමියෝ කීහ.

මේ සම්බන්ධව තංගල්ල විශේෂ පොලිස් කණ්ඩායමක් සහ කතරගම පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වයි.

 

 

 

(විහාරාධිපති හබරාදුවේ ඤානමෝලි හිමි)