
(ප්‍රසාද් රුක්මල් )
වැලිමඩ රහංගල කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවදානමක ඇති හෙයින් බොරලන්ද රහංගල,හීන්නාරංගොල්ල ග්‍රාම සේවා වසම් වලට අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (3) පැවසීය .
මෙම කන්දේ විශාල කොටසක් දැනටමත් ඉරිතලා පුපුරා ගොස් ඇති අතර ඇතම් ස්ථානවල පස්කදු ගල්පර්වත කඩා වැටීමට පටන්ගෙන ඇති බවත් පවසයි .
ඉදිරි දිනවල පතිත වීමට නියමිත ව ඇති ධාරානිපාත වර්ශාවත් සමඟ මෙම කන්ද නායයාමට බොහෝ දුරට ඉඩකඩ ඇත.
මෙම නායයාමේ අවදානම ඇති රහංගල කන්ද ට මායිම්ව වගා බිම් අක්කර 80ක පමණ කොටසක් ඇති බවත් ඊට කිලෝමීටර් බාගයක පමණ පහලින් බොරලන්ද , හීන්නාරංගොල්ල ,රහංගල ග්‍රාම සේවා වසම් වල ජනාවාස නිවාස රැසක් පිහිටා ඇති නිසාවෙන් අනතුරු දායක තත්වයක් උදා වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේය .
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරින් ලවා මෙම අනතුරුදායක රහංගල කන්ද පරීක්ෂා කර එම වාර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .



