
(අංජුල මහික වීරරත්න)
රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහා නිලධාරීන් ප්‍රමාණවත් නැති හෙයින් කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් 50 දෙනකු බඳවා ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා සොයා බැලීම සඳහා බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
මේ වන විට බන්ධනාගාර ගත වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා ලබාදීමේ කඩිනම් තාක්ෂණික ක්‍රමවේදයක් කඩිනමින් සකස් කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී කීය.
රස පරීක්ෂක නිලධාරී පුරප්පාඩු, ආයතනයේ කාර්යක්ෂමතාව, රසායනාගාර පරීක්ෂණ උපකරණ ලබා ගැනීම, දෘඪාංග පද්ධතිය හා දත්ත පද්ධතිය ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීමෙන් පසුව සංවර්ධනය කිරීම, රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් දුර බැහැර අධිකරණ වල සාක්ෂි ලබාදීමේදී විඩීයෝ තාක්ෂණය යොදා ගැනීම පිළිබදව මෙහිදී සාකච්ඡා වු අතර, රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේ තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව අවධානයක් යොමු විය.

