(තරිඳු ජයවර්ධන)
හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට නියෝග කර තිබේ.
2016.03.29 වැනිදා සහ 2016.03.31 වැනිදා පැවැත්වුණු බැඳුම්කර වෙන්දේසි වල සිදු කරන ලද අපරාධමය වැරදි වලට අදාළ චෝදනා සම්බන්ධයෙන් නම් කර ඇති සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු (සාධාරණ සැකයක්) ඉදිරිපත් වී ඇති බවට නීතිපතිවරයා යොමු කළ ලිපියේ සඳහන් වෙයි.
ඉහත සැකකරුවන් 12 නම් කර ඇත්තේ 2016.03.29 බැඳුම්කර ගනුදෙනුවටය. 2016.03.31 ගනුදෙනුවට අදාළ සැකකරුවන් ගණන 11කි.
1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්
2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක
3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්
4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්
5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි
6 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්
7 .චිත්ත රංජන් හුළුගල්ල
8 .මුත්තුරාජා සුරේන්ද්‍රන්
9 .අජාන් ගාර්දියෙ පුංචිහේවා
10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර
11.සංගරපිල්ලේ පදුමනාපන්
12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර


(ඡායාරූප - ඉෂාන් සංජිව)

