රඹුක්කන ගැන නාමල්ගෙ දුක


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රඹුක්කන  සිදුවීම ගැන  කණගාටුව ප්‍රකාශ කරන අතර කිසිම පහරදීමක් අනුමත කරන්නට නොහැකි බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.

යම් සිදුවීමක් තිබෙනවා නම් ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කළ යුතුයැයි ද සමාජ මාධ්‍ය වල වීඩියෝ පට තිබෙන අතර පොලිසිය ගිනි තබන ආකාරයේ වීඩියෝ පටයකුත් තිබෙන බවත්  අනිත් පැත්තෙන් බවුසරයකට පහර දෙන සහ  හුලං අරින වීඩියෝ පටයකුත් තිබෙන බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මේ සියලුම වීඩියෝ පට සලකා බැලිය යුතු අතර එම සීසීටීවී දර්ශන මාධ්‍යට නිකුත් කරන්නැයි ද දෙපැත්තටම බෝලේ පාස් කරමින් සිට දැන් පලක් නැති අතර දැන් දෙපැත්තට වී බැන ගත්තා කියා විසඳුමක් ලැබෙන්නේ නැතැයි ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.