රනිල්ට නැති අනිත් නායකයන්ට ඇති දෙයක් හරීන් කියයි


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අපේ රටෙි නායකයන්ට "කෙලවුන"තැන වැඩක් බාරදී  ඒ වැඩේට ඇඟිලි ගැසීම යැයිද රනිල් වික්‍රමසිංහ ළඟ ඒ ලක්ෂණය නැතැයි ද ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"කිව් ආර් කෝඩ්" වැඩේ කරගෙන යන්නැයි ජනපති කංචන විජේසේකරට  බාර දී ඊට ඇඟිලි ගහන්න ගියේ නැතැයි ද අද කිව්.ආර් ක්‍රමය සාර්ථක වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

"අපේ හිටපු නායකයත් වැඩක් බාර දී ඇඟිලි ගහනවා.මේ මොහොතේ අවශ්‍ය වන්නේ රට සුව කරන  ජනාධිපතිවරයෙක්.හැම දේම හරි යන්නේ නැතැයි කියන" චව් චව්ලාට" ජනාධිපති වෙන්නට බැහැ යනුවෙන් ද අයවැය විවාදයට එක්වෙමින් හරීන් ප්‍රනාන්දු මහතා කීය.