රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි


(අංජුල මහික වීරරත්න)

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මීට පෙර අප්‍රේල් 17 වෙනිදා පෙරවරු 9.30ට අල්ලස් කොමිසමේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු නිවාඩු සමයේ තමා කොළඹ නැති හෙයින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබිණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ලබන 25 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාට කොමිසම හමුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇත්තේ ඒ අනුවයි.