රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා කන්කසන්තුරයට මාරු කරයි


(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ තිබේ.

මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි පොලිස් මූලස්ථානය විසින් මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වසර 23ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කළ අතර වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධරයා ලෙස වසර 15ක් සේවය කර ඇත.