
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට පැමිණිල්ලක් භාරදී ඇත.
මේ පැමිණිල්ල බාර දෙනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන් විසිනි.
වත්මන් රජය දේශපාලන මර්දනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල භාරදී ඇත.
කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම රජය ක්‍රියාත්මක කර ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන පළිගැනීම්වලට හොඳම උදාහරණය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම බවයි.

