(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායී සහ ශක්තිමත් කරවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනය සාදරයෙන් පිළිගත යුතු වර්ධනීය අවස්ථාවක් බව ද හිටපු ජනාධිපතිවරයා කියයි.
එමෙන්ම කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (යිට්කා) [Economic and Technical Cooperation Agreement] සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.