(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාවට ඇති එකම විකල්පය රනිල් ප්‍රමුඛ ආණ්ඩුව නොවේ යැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
ජනතාවට විකල්පය තෝරා ගන්නට ඉඩ ලබා දිය යුතු බව කී මන්ත්‍රීවරිය විකල්පයක් නැතැයි කියමින් ආණ්ඩුව කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක් බව කීවාය.
කවුරුවත් නැති වෙලාවේ ගින්දරට පැන රට බේරාගත් බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කී කතාව සත්‍යයක් නොවන බව කී අමරසූරිය මෙනවිය රනිල් හැර වෙනත් විකල්පයක් නැතැයි යන මතය ඔවුන් සමාජගත කරන්නට උත්සාහ කරමින් සිටින්නේ යයිද කීවාය.
රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය යනු සංකල්පයක් පමණක් බව ද අමරසූරිය මෙනවිය පැවැසුවාය.

