
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රජයේ මුදල් අවභාවිතා කරමින් සිය බිරිදවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පෞද්ගලික සංචාරයක් ලෙස සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර බන්ධනාගාර රෝහලේ රඳවා සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු හිටපු මැති ඇමතිවරු කීපදෙනකු බන්ධනාගාරය වෙත පැමිණ ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි
සජිත් ප්‍රේමදාස මහතා සමග සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් නලින් බණ්ඩාර මහතා ද මැගසින් බන්ධනාගාරය වෙත එලෙස පැමිණ ඇත
හිටපු ජනාධිපතිවරයාගේ රුධිර පීඩනය සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව මෙයවේ

